spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැඩ පහරකට බිළි වූ මිත්තණිය සහ මිනිබිරිය

පොල්පිටිය, බොකරවැවිල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණියක් සහ ඇයගේ මිනිබිරිය සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් පොලිසිය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී 60 හැවිරිදි වියේ පසුවූ මිත්තණියගේ සිරුර හමුවී ඇති අතර පස් හැවිරිදි මිනිබිරියගේ සිරුර සොයා ගැනීමට හැකි වී නැහැ.

පෙර පාසල් ගොස් සිටි මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතර තුර ඇළ මාර්ය තරණය කිරිමට යාමේදී දෙදෙනාම ඇළට වැටී සැඩ පහරට ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ලක්ෂපාන – පොල්පිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කැළණි ගඟට ගලා බසින මෙම ඇළ මාර්ගයේ සැඩ පහර වැඩි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?