spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැක කටයුතු මරණයක් ගැන විමර්ශන

නානුඔය කිරිමැටිය ප්‍රදේශයේ පඩිපෙළකින් වැටී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඊයේ මෙම පුද්ගලයා මාර්ගය අසල පිහිටා ඇති පඩිපෙළකින් වැටී මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක්.

ඔහු පෙරේදා (08) ඥාති නිවසක පැවති උත්සවයකට සහභාගී වීම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබූ බවට අනාවරණ වී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නානුඔය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?