සැකකරුවෙක් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි

උණවටුන ප්‍රදේශයේ හෝටලයක සංචාරකයන්ගේ විදේශ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය ජනවාරි 01 වැනි දින වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් විසින් එම හෝටලයේ පදිංචිව සිටි රුසියානු කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ඇමරිකානු ඩොලර් 16,100ක්, රුසියානු රුපියල් 195,000ක් සහ යුරෝ 200ක් සොරකම් කර තිබෙනවා.

නාකියාදෙණිය ප්‍රදේශයේ තවත් 40 හැවිරිදි පුද්ගලයෙකු ඊට සම්බන්ධ බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උණවටුන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.

වල්පිට ගමගේ චන්දන සමන් කුමාර නම් මෙම සැකකරු නාකියාදෙණිය තෙල්ලඹුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පිළිබඳ තොරතුරු ඇත්නම් 076 8477810 අංකය ඔස්සේ උණවටුන පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15