සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් සිසුන්ට සහනයක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් කිසිඳු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (13) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලබාදීමේ දී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසූ පිරිස රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31