සා.පෙළ අසමත් ලක්ෂයක් රාජ්‍ය සේවයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, නමුත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ යටතේ මේ වන විට 45,000ක පිරිසක් රාජ්‍ය සේවයට බදවා ගෙන ඇති බවයි.

අද (07) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය.

2015 – 2019 කාලපරිච්ඡේදය තුළ දී සමස්ත රාජ්‍ය සේවයට ලබා දීලා තියෙන රැකියා අවස්ථාවන් 22,145 යි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වූවාට පසු සංවර්ධන නිලධාරී සේවයට උපාධිධාරීන් පත්වීම් පමණක් මේ වෙන කොට 60,000 ක් ලබාදීලා තියෙනවා.
මේ හැටදාහ ලබා දීලා, පුහුණු කාලය අවසන් කරලා ඔවුන් ස්ථිර කරන්න අවශ්‍ය වැඩකටයුතුත් කරලා තියෙනවා.ඊට අමතරව සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත, එසේ නැත්නම් සාමාන්‍ය පෙළ කඩඉම පසුකරන්න බැරි සහෝදර සහෝදරියන් ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු කර ගැනීමේ වැඩසටහන මේ වෙන කොට ක්‍රියාත්මක වෙලා , ඒ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා මේ වෙන කොට 45,000 ක් දෙනා බඳවා ගෙන තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 200ක පමණ කම්කරු නීති වෙනස් කරන්න කම්කරු කොමිසම සූදානම් වෙයි
14:02
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06
Video thumbnail
මොන අම්මා කෙනෙක්වත් කැමති නැ තමන්ගේ ළමයා හිරේට යනවට - වේදනාව අපිට දරාගන්න බෑ
03:53
Video thumbnail
බන්ධනාගාරය ඇතුළට දුරකථන ගේන විදිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - පිටිපස්සේ පෝන් දෙක තුන ගහගෙන යන්නේ
03:49
Video thumbnail
මම තමයි කිව්වේ වෙ# තියන්න කියලා - මම ආදරයෙන් කිව්වා සිරකාරයෝ ඇහුවේ නෑ..දොරවල් කැඩුවා
09:40
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:09
Video thumbnail
ෂූට් කරපු නිලධාරියාට මම ප්‍රශංසා කරනවා..සිද්ධියට මුහුණ දුන්න කෙනා තමයි බර දන්නේ
03:16
Video thumbnail
මගේ නිලධාරින් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හෙව්වා - එයාලා කොච්චර ඉවසුවාද ?
03:24
Video thumbnail
අපේ බන්ධනාගාර නිලධාරින් බරපතළ වැරැද්දක්..හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් හෙළිදරව්වක්
02:46