සාහසිකයෙකු නිසා නිදියහන මත අවිවාහක තරුණියක් අවසන් ගමන යයි

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ හුදකලාව පදිංචිව සිටි හතළිස් දෙහැවිරිදි අවිවාහක තරුණියක් සිය නිවසේ තනිව නිදා සිටියදී ගෙල ප්‍රදේශයට පිහියකින් ඇණ 12 වැනිදා රාත්‍රී කිසියම් පුද්ගලයකු විසින් ඝාතනය කර ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.

කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මෙම මරණකාරිය විසින් ඉදිකළ දෙමහල් නිවසක ඇය තනිව පදිංචිව සිට ඇත. ඊට ඉදිරිපිට නිවසේ පදිංචි ඇයගේ සහෝදරිය විසින් අක්කාගේ නිවසේ විදුලි ලාම්පු නොදැල්වෙන බැවින් හා ඇගේ දුරකථනයෙන් පිළිතුරු නොමැති නිසා සොයා බැලීමේදී නිවසේ උඩුමහලේ කාමරයේ නිදියහන මත සිය සොහොයුරිය ඝාතනය කර ඇති බව දැක තිබේ. මරණකාරියගේ සොහොයුරිය විසින් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීනියක ලෙස රැකියාව කළ කඳුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලංකා ගනේෂි පනාපිටිය (42) නමැති අවිවාහක තරුණියකි.

ඇගේ ඝාතනය සම්බන්ධව එම ප්‍රදේශයට පිට ප්‍රදේශයකින් පැමිණ පොල් කඩන පුද්ගලයකු පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවව මීගහවත්ත පොලීසිය කියයි.

මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න, පොලිස් පරීක්ෂක දිසානායක, කැලණිය ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධීර, පොලිස් පරීක්ෂක ජයලත්, (88303) ශෙහාන් (88758) මනෝජ්, (88787) රාජපක්ෂ, (92325) ජයසිංහ (84475) පෙරේරා යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

උපුටා ගැනීම – දිවයින පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19