සාහසිකයෙකු නිසා නිදියහන මත අවිවාහක තරුණියක් අවසන් ගමන යයි

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ හුදකලාව පදිංචිව සිටි හතළිස් දෙහැවිරිදි අවිවාහක තරුණියක් සිය නිවසේ තනිව නිදා සිටියදී ගෙල ප්‍රදේශයට පිහියකින් ඇණ 12 වැනිදා රාත්‍රී කිසියම් පුද්ගලයකු විසින් ඝාතනය කර ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.

කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක මෙම මරණකාරිය විසින් ඉදිකළ දෙමහල් නිවසක ඇය තනිව පදිංචිව සිට ඇත. ඊට ඉදිරිපිට නිවසේ පදිංචි ඇයගේ සහෝදරිය විසින් අක්කාගේ නිවසේ විදුලි ලාම්පු නොදැල්වෙන බැවින් හා ඇගේ දුරකථනයෙන් පිළිතුරු නොමැති නිසා සොයා බැලීමේදී නිවසේ උඩුමහලේ කාමරයේ නිදියහන මත සිය සොහොයුරිය ඝාතනය කර ඇති බව දැක තිබේ. මරණකාරියගේ සොහොයුරිය විසින් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීනියක ලෙස රැකියාව කළ කඳුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලංකා ගනේෂි පනාපිටිය (42) නමැති අවිවාහක තරුණියකි.

ඇගේ ඝාතනය සම්බන්ධව එම ප්‍රදේශයට පිට ප්‍රදේශයකින් පැමිණ පොල් කඩන පුද්ගලයකු පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවව මීගහවත්ත පොලීසිය කියයි.

මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න, පොලිස් පරීක්ෂක දිසානායක, කැලණිය ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධීර, පොලිස් පරීක්ෂක ජයලත්, (88303) ශෙහාන් (88758) මනෝජ්, (88787) රාජපක්ෂ, (92325) ජයසිංහ (84475) පෙරේරා යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

උපුටා ගැනීම – දිවයින පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16