සාවිත්‍රි සරෝජා පෝල්රාජ් හට නව තනතුරක් (ඡායාරූප)

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය තේරී පත් වුණා.

ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම 2025.03.21 වන දින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීයි;
සරෝජා මහත්මිය මෙලෙස සභාපති ධුරය සඳහා තේරී පත් වූයේ.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ නියෝජ්‍ය තානාපති (Charge d affaires) මාරි නොඑල්ලි ඩුරිස් (Marie -Noelle Duris) මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා.

මේ අතර ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා තේරී පත් වුණා.

මෙහිදී අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර වසර 75ක සිට පවත්වාගෙන එනු ලබන ද්විපාර්ශ්වික සබඳතාව සිහිපත් කරමින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් බව පෙන්වා දුන්නා.

එමෙන්ම දෙපාර්ශ්වයටම උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සංචාරක, ආයෝජන, අධ්‍යාපන, සමුද්‍රීය ආරක්ෂණ සහ දේශගුණික විපර්යාස සම්බන්ධ නීති වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමේ වැදගත්කමත් තවදුරටත් අදහස් දක්වමින් කතානායකවරයා මෙහිදී අවධාරණය කළා.

SL France PFA 20250321 3
SL France PFA 20250321 10
SL France PFA 20250321 8
SL France PFA 20250321 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14