සාවද්‍ය වාර්තාවන් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රජය විසින් ඉදිරියේදී ගෙවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවක් මතු වී ඇති බවට විවිධ මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හැරීමක අද්දර සිටින බවට කර ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සහමුලින්ම නොමග යවන සුළු ඒවා බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලද විශ්වාසනීය නිල දත්ත තිබියදීත්, මෙලෙස සාවද්‍ය තොරතුරු සහ වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව කනගාටු වන බවත් එම නිවේදනයේ සඳහන්

2022 ජූලි මාසයේ දී කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 01ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ඇතුළු ඉදිරි ණය බැඳීම් සපුරාලීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් සහ විවිධ විකල්ප ක්‍රමවේදයන් ගණනාවක් හරහා විදේශ විනිමය සංචිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මහබැංකුව මෙම නිවේදනය හරහා අවධාරණය කරනවා.

එබැවින්, ඉදිරියේ දී කල් පිරීමට නියමිත සියලුම ණය බැඳීම්වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා එමගින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවා වාර්තාව
අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට රජය සහ මහබැංකුව කැපවී සිටින බවට දේශීය හා ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාවට සහතික වන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එබැවින්ම 2020 ජනවාරි මාසයේ සිට ඩොලර් බිලියන 2.5 ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ආපසු ගෙවීමත් සමඟ, ජාත්‍යන්තර ණය අඩු කිරීමේ රජයේ උපාය මාර්ගයට අනුව 2022 ජූලි වන විට සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.55 දක්වා අඩු වී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.

එමෙන්ම ලබන ජූලි මාසයේ දී කල්පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන එකක් වන ජාත්‍යන්තර බැඳුම්කර වාරිකය ද ගෙවා දැමීමෙන් පසු එම ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11.55 දක්වා අඩු වනු ඇති බවටත් මහා බැංකුව පුරෝකථනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18