සාරා ටේලර්ට එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩා‍යමේ පුහුණුකාරිත්වයට

එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු විශිෂ්‍ට කඩුලු රකින්නියක වන ක්‍රීඩිකා සාරා ටේලර්ව, එංගලන්ත පිරිම් ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සාරා ටේලර් කණ්ඩායම් සමඟ එක්වීමට නියමිතයි.