සාරා ගේ මරණය තහවුරු කළ DNA පරීක්ෂණය ගැන විශේෂ හෙළිදරව්වක්

2019 වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් මියගොස් ඇති බවට නිශ්චිතව තහවුරු කරගත් DNA පරීක්ෂණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන තොරතුරු හෙළි කර තිබෙනවා.

සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් DNA සාම්පල සමග අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කිහිපයක DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවටයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වී ඇත්තේ.

ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඉඩ ඇති සම්භාවිතාව 99.99%ක් බව තහවුරු වී ඇති බව සඳහන්.

එවකට හිටපු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර තිබූ නිලධාරීන් දෙදෙනෙකු යළි සේවයට කැඳවා, ලැබී තිබූ පෙත්සමක් අනුව පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කිහිපයක් යළි ආරම්භ කර තිබුණා.

එම පරීක්ෂණ අතර සහරාන්ගේ බිරිඳගෙන් ලබාගත් ප්‍රකාශයක් මත සාරා ජස්මින් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ සිට සාරා ජස්මින් සයින්දමරුදු වෙත ගොස් තිබුණේ සහරාන්ගේ බිරිඳ සමග වීම හේතුවෙනුයි එම තොරතුරු වඩාත් වැදගත් වී ඇත්තේ.

විමර්ශන නිලධාරීන් කළ නියෝගයකට අනුව සහරාන්ගේ බිරිඳ සයින්දමරුදු පිපිරීමට ලක්වූ නිවසේ සාරා ජස්මින් සිටි ස්ථානය චිත්‍රයට නගා පෙන්වා තිබෙනවා.

සහරාන්ගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ සාරා ජස්මින් මෙම නිවසේ සිටි ආකාරය අනුව ඇය මියයනවා හැර වෙනත් කිසිවක් සිදු වීමට කිසිසේත් ඉඩක් නොමැති බවටයි.

ඒ අනුව අධිකරණ නියෝගයක් ලබාගෙන යළිත් වඩාත් නිවැරදි DNA සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ විමර්ශකයන් තීරණය කර තිබෙනවා. එම DNA පරීක්ෂණයට පෙර තවත් DNA පරීක්ෂණ දෙකක් සිදු කර තිබුණ ද එමගින් ප්‍රකාශ වී තිබී ඇත්තේ සාරා ජස්මින් එම මියගිය පිරිස අතර නොවන බවටයි.

කෙසේවෙතත් සාරා ජස්මින්ට අදාළ පිපිරීම සිදු වන අවස්ථාවේ එම නිවසින් පිටතට පැමිණීමට කිසිසේත් හැකියාවක් නොමැති බවට සහරාන් හෂීම් ගේ බිරිඳ විමර්ශන නිලධාරීන් හමුවේ හෙළිකර තිබෙනවා.

සාරා ජස්මින්ගේ හැඳුනුම්පත ද අදාළ නිවසේ තිබී සොයාගෙන තිබූ අතර අනතුරුව ලබාගත් අධිකරණ නියෝගය අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මැදිහත් වීමෙන් තවත් DNA පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

එහිදී මීට පෙර සිදු කළ පරීක්ෂණ දෙකෙහිදීම කිසිදු අවධානයක් යොමු නොවූ බඩවැල් සහිත බෑගයක් කෙරෙහි ඔහුගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

අනතුරුව ඉන්දුල ද සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ කලින් අවස්ථා දෙකෙහිදීම මෙම බඩවැල් සහිත බෑගය DNA පරීක්ෂණවලට යොදා නොගත් බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවටයි.

එම බෑගයේ තිබූ අස්ථි කොටස් කිහිපයක් පරීක්ෂා කිරීමේදී සාරා ජස්මින්ගේ මවගේ DNA සාම්පල සමග සම්බන්ධයක් පවතින බවටයි හෙළිවී ඇත්තේ.

එම DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

මීට පෙර සිදු වූ DNA පරීක්ෂණ දෙක නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් සාරා ජස්මින්ගේ මරණය තහවුරු නොවූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් පෙන්වා දෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන පාලිත සිරිවර්ධනගේ අධීක්ෂණයෙනුයි තුන්වන DNA පරීක්ෂණය සහ ඊට අදාළ විමර්ශන සිදු කර ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14