සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් තිදෙනෙක් යළි පෘථිවියට

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක සිය රාජකාරි කටයුතු අවසන් කළ චීන ගගනගාමීන් තිදෙනෙක් යළි සාර්ථකව පෘථිවියට පැමිණ ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා රැගත් Shenzhou-18 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වයං පාලන ප්‍රදේශයේ Dongfeng ගොඩබෑමේ ස්ථානයට ළගා වී ඇත්තේ බෙයිජිං වේලාවෙන් අද (04) පෙරවරු 1:24 ට පමණයි.

දින 192ක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිට මෙලෙස පෘථිවියට පැමිණි ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය තහවුරු කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 25 දින Shenzhou-18 යානයෙන් අභ්‍යවකාශ ගත වූ මෙම ගගනගාමීන් සිය මෙහෙයුම් අතරතුර, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශ ද්‍රව්‍ය විද්‍යාව, මූලික භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ රැසකට දායක වීම ද විශේෂත්වයක්.

එමෙන්ම දීර්ඝ කාලයක් අභ්‍යවකාශයෙහි ඇවිදිමින් ඔවුන් මැයි මාසයේ දී නව වාර්තාවක් ද පිහිට වූ අතර; එය චීන ගගනගාමීන් විසින් මෙතෙක් සිදුකරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමන ලෙසයි ඉතිහාසයට එක්ව ඇත්තේ.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහනට අනුව 2025 වසරේ දී ද Shenzhou-20 සහ Shenzhou-21 අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36