spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සායි පල්ලවීගේ අලුත් චිත්‍රපටයක් ළඟදීම !

උඩුගුල වෙනුගේ අධ්‍යක්‍ෂණයෙන් සහ සුරේෂ් බාබුගේ නිෂ්පාදනයක් වන විරාට පර්වම් නම් තෙලිඟු චිත්‍රපටය ලබන අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතයි. සුරූපි නිළි සායි පල්ලවී සහ රනා ඩගුබටි ප්‍රධාන චරිතයන් සඳහා එක්වන මෙම චිත්‍රපටයේ ඇතුළත් ඉතාම සුන්දර ගීතයක් වන කොලු කොලූ (Kolu kolu) නම් ගීතයෙහි වීඩියෝ පටය පසුගිය 25 වැනිදා එළි දැක්විණි.

එම වීඩියෝව තුළ අඩක් සාරී විලාසිතාවක් සහිත විසිතුරු ඇඳුමකින් සැරසුණු සායි පල්ලවී දර්ශණීය ස්ථානයක නර්තනයේ යෙදෙමින් සිටින කොටසක් ඇතුළත් වනවා. එසේ නර්තනයේ යෙදෙන සායි පල්ලවීගේ රුව සහිත මනරම් පෝස්ටර් එකක් පසුගියදා නිෂ්පාදකයන් විසින් අතර්ජාලයට නිකුත් කොට තියෙනවා.

ඒත් සමඟ මෙම පෝස්ටර් එක සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණු බවත්, එවැනිම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් විරාට පර්වම් චිත්‍රපටය සඳහාත් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?