සාම සාකච්ඡා ගැන අදහස ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි

යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පිළිබඳ අදහස තමන් ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ශාන්ත පීටර්ස්බර්ග්හිදී අප්‍රිකානු නායකයින් හමුවීමෙන් පසු අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සාම සාකච්ඡා සඳහා අප්‍රිකානු සහ චීන මුලපිරීම් පදනමක් ලෙස යොදාගත හැකි බවයි.

කෙසේ වෙතත් යුක්‍රේනය හමුදාව ප්‍රහාර එල්ල කරන අතරතුර සටන් විරාමයක් ඇති කළ නොහැකි බව ද පුටින් මෙහිදී සඳහන් කළා.

පුටින්ගේ මෙම කතාවෙන් පැය කිහිපයකට පසු රුසියාව කියා සිටියේ යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයකින් මොස්කව් නුවර පිහිටි කාර්යාල දෙකකට හානි සිදු වූ බවයි.

මේ අතර සෙනසුරාදා රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී පුටින් යුක්‍රේනය පෙරමුණේ ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව ද පවසා සිටියා.

ඇතැමුන් රුසියාවට අභ්‍යන්තරයේ සිට හානි කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14