spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාම සාකච්ඡා ගැන අදහස ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි

යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සාකච්ඡා පිළිබඳ අදහස තමන් ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ශාන්ත පීටර්ස්බර්ග්හිදී අප්‍රිකානු නායකයින් හමුවීමෙන් පසු අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සාම සාකච්ඡා සඳහා අප්‍රිකානු සහ චීන මුලපිරීම් පදනමක් ලෙස යොදාගත හැකි බවයි.

කෙසේ වෙතත් යුක්‍රේනය හමුදාව ප්‍රහාර එල්ල කරන අතරතුර සටන් විරාමයක් ඇති කළ නොහැකි බව ද පුටින් මෙහිදී සඳහන් කළා.

පුටින්ගේ මෙම කතාවෙන් පැය කිහිපයකට පසු රුසියාව කියා සිටියේ යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයකින් මොස්කව් නුවර පිහිටි කාර්යාල දෙකකට හානි සිදු වූ බවයි.

මේ අතර සෙනසුරාදා රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී පුටින් යුක්‍රේනය පෙරමුණේ ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව ද පවසා සිටියා.

ඇතැමුන් රුසියාවට අභ්‍යන්තරයේ සිට හානි කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?