spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී

දැනට 11 ශ්‍රේණියේදී පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ දරුවන් අධ්‍යාපනයේ දී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි. පැවසූ අමාත්‍යවරයා එවිට වයස පහළොවේදී අපොස සාමාන්‍ය පෙළ ලිවිය හැකි බවද ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් උසස් පෙළ විභාගය සඳහා ළමයින්ට වයස අවුරුදු 17දී පෙනී සිටිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ. මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා,

අපි යෝජනා කරලා තියෙනවා ෆ්‍රී ප්‍රයිමරි එක පටන් ගන්න. අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕන. ළමයි දෙසියට අඩු පාසල් හාරදාහක් තියෙනවා. ළමයි සීයට අඩු පාසල් 2900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමෙන් නොමිලේ ෆ්‍රී ප්‍රයිමරි එක කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. ෆ්‍රී ප්‍රයිමරි එක වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය වැඩසටහන හදලා ඉවරයි. ඒ හඳුන්වාදීම එක්ක තමයි දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ දහයට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4ක ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු පහළොවෙන් සාමාන්‍ය පෙළ ලියනවා. දාහතේදී උසස් පෙළ ලියනවා එතකොට වයස්ගත වීම අඩු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
9
+1
9
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?