සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී

දැනට 11 ශ්‍රේණියේදී පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ දරුවන් අධ්‍යාපනයේ දී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි. පැවසූ අමාත්‍යවරයා එවිට වයස පහළොවේදී අපොස සාමාන්‍ය පෙළ ලිවිය හැකි බවද ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් උසස් පෙළ විභාගය සඳහා ළමයින්ට වයස අවුරුදු 17දී පෙනී සිටිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ. මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා,

අපි යෝජනා කරලා තියෙනවා ෆ්‍රී ප්‍රයිමරි එක පටන් ගන්න. අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕන. ළමයි දෙසියට අඩු පාසල් හාරදාහක් තියෙනවා. ළමයි සීයට අඩු පාසල් 2900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමෙන් නොමිලේ ෆ්‍රී ප්‍රයිමරි එක කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. ෆ්‍රී ප්‍රයිමරි එක වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය වැඩසටහන හදලා ඉවරයි. ඒ හඳුන්වාදීම එක්ක තමයි දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ දහයට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4ක ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු පහළොවෙන් සාමාන්‍ය පෙළ ලියනවා. දාහතේදී උසස් පෙළ ලියනවා එතකොට වයස්ගත වීම අඩු වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14