සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන තෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් – පාසලේ දී ම

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂිතයන්ට තම ප්‍රතිඵල ලැබෙන තෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් පාසලේ දීම හැදෑරීමට අවස්ථාව ලැබෙන වැඩපිළිවෙලක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දී ම හැදෑරීමේ අවස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සිසුන්ට හිමි කර දීමට ඉදිරියේ දී අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

එමගින් උසස් පෙළ හැදෑරීමට කටයුතු කළත් නො කළත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විදෙස්ගතව පවතින පුහුණු ශ්‍රම ඉල්ලුමට සරිලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින් පාඨමාලා හැදෑරීමේ දී එහි කාලය අඩු කරගැනීමට ද පාසලේ දී මූලික ව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.

වර්තමාන ලෝකය ඉල්ලා සිටින්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් වන බැවින් ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව පැවසුවේ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

ඉදිරියේ දී ජර්මන් රජයේ සහයෝගය මත මෙම ආයතනය හා එහි පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන අතර එම පාඨමාලාවල ප්‍රමිතිය අඛණ්ඩව ඉදිරියටත් සුරක්ෂිත ව පවත්වාගත යුතු බවත් මෙරට එවැනි වෙනත් කාර්මික පුහුණු ආයතනවල තත්වය ද එලෙසින් ම සංවර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.

තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව පාසල් පද්ධතිය තුළින් ද නිපුණතා සපිරි තරුණ පිරිසක් රටට දායාද කළ යුතු අතර ඒ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය මුසු කරගත් කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් හා ගැළපූ නව ඉගැන්නුම් ක්‍රමවේද හඳුන්වා දෙමින් දැනුම යාවත්කාලීන ගුරු පුහුණු අවස්ථා සහිත ව පුළුල් වෙනසක් කරා වේගයෙන් ගමන් කළ යුතු ව පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ සඳහා පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නව පාසල් දහසකට නව සන්නිවේදන පහසුකමක් වූ ෆයිබර් ඔප්ටික් (Fiber Optic Connection) සහ අවශ්‍ය පරිදි විදුලි බල පහසුකම් ලබා දීමට ක්‍රියා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම පහසුකම් ලබා දී පාසල් පද්ධතියේ මෙන් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ද වෘත්තීය නැඹුරුවකින් යුත් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30