spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ ඇගයීම්වලට එක් වූ ගුරුවරුන්ට නිවාඩු

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ඍජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 28 වන සඳුදා සහ 29 අඟහරුවාදා යන දෙදින ඔවුන්ට රාජකාරී නිවාඩු ලබාදෙන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙම රාජකාරී නිවාඩු අනුමත කර ගැනීම සඳහා විභාග ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වූ නිලධාරීන් ඇගයීම් කටයුතුවලට සහභාගී වූ බවට තම පැමිණීමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු වනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ආරම්භ වූයේ පසුගිය 18 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?