සාමසාධක මෙහෙයුමේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීර ක්‍රියාව

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට අනුයුක්තව රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් සාර්ථකව නිමකර තිබෙනවා.

පෙරේදා (30) සිදුකළ මෙම මානුෂීය මෙහෙයුම මඟින්, එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසයේ හදිසි මෙහෙයුමකදී එකවර තුවාලකරුවන් 14 දෙනෙකු සාර්ථකව මුදාගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අම් ඩැෆොක් ප්‍රදේශයේ සාමසාධක රාජකාරි මුරසංචාරයක නිරතව සිටි සැම්බියානු බලඇණියේ සෙබළුන් ඉලක්ක කරගනිමින් සන්නද්ධ කණ්ඩායමක් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මෙම ප්‍රහාරයෙන් සැම්බියානු සෙබළුන්, සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් තුවාල ලැබුවා.

තත්ත්වය බරපතළ වීම හේතුවෙන් තුවාල ලැබූවන් මුදාගැනීමට ප්‍රථමයෙන් පකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක වී තිබුණා.

ඒ, අනුව සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර ගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් UNO 325P දරණ Mi-17 හෙලිකොප්ටර් යානය එදින පෙරවරු 07:30ට Bria ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී මෙහෙයුම අරඹා ඇති බවයි වාර්තා වුණේ.

මෙම මෙහෙයුම සඳහා ගුවන් ඉංජිනේරු බලපංති සැරයන් හෙට්ටිආරච්චි, ලෝඩ් මාස්ටර්: බලපංති සැරයන් මනෝජ්, ගුවන් අවිකරුවන් වන කෝප්‍රල් විජේතුංග සහ නායක ගුවන් භට අබේසිංහ, ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායම, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යාදීෂ රත්නසිරි, බලලත් නිලධාරි ඩී.එම්. සුමතිපාල සහ බලපංති සැරයන් කේ.පී.ඩී. රුවන්කුමාර ඒක්ව සිටියා.

සටන් පවතින කලාපයේ තත්ත්වය වේගයෙන් දරුණු අතට හැරීම හේතුවෙන්, ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නියෝගය පරිදි සෘජුවම සටන් බිම වෙත යානය පියාසර කරවීමට නියමුවන් තීරණය කර තිබුණා.

ඒ, අනුව පැය 02යි විනාඩි 10ක අඛණ්ඩ පියාසර කාලයකින් පසු, යානය සතුරු ප්‍රහාර එල්ල වන සටන් කලාපයට ළඟා වී ඇති අතර, එහිදී යානය ගොඩබැස්වීම පවා අනාරක්ෂිත තත්ත්වයකුයි එහි මතුව තිබුණේ.

කෙසේ වෙතත් ජීවිත අවදානම පසෙකලා ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්, යානයේ එන්ජිම පණගන්වා තිබියදීම ඉතා කෙටි කාලයක් තුළ තුවාල ලැබූවන් 14 දෙනෙකු යානයට නංවාගෙන වහාම එම ප්‍රදේශයෙන් පිටත් වීමට සමත්ව තිබෙනවා.

ජීවිත ආරක්ෂාවට වඩා මානුෂීය මෙහෙයුමට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් දැක්වූ මෙම නිර්භිතතාවය සහ වෘත්තීය නිපුනත්වය එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ ඉහළම ඇගයීමට ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14