සාමය සහ සහජීවනය පිරි සමාජයක් නිර්මාණය කිරීමට අදිටන් කරගමු – අගමැති හරිනි

පටු භේදයන් පසෙක ලා, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් සහ කරුණාවෙන් කටයුතු කරමින්, සාමය සහ සහජීවනය පිරි සමාජයක් නිර්මාණය කිරීමට අප සැම අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අදටයෙදී තිබෙනවා හජ් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කරනවා.

බෙදාගැනීම සහ සහකම්පනය පෙරදැරි කරගත් හජ්ජි උත්සවයේ පණිවුඩය, ශක්තිමත්, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ගමනට මහඟු ආදර්ශයක් බවයි අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් පණිවුඩය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අග්‍රාමාත්‍යවරියගේ හජ් දින සුබපැතුම් පණිවුඩය..

පරිත්‍යාගය, සහෝදරත්වය සහ සහකම්පනය පදනම් කරගනිමින් ලෝකවාසී ඉස්ලාම් භක්තිකයන් මහත් හරසරින් සමරන “ඊදුල් අල්හා” හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාව වෙත මාගේ උණුසුම් සහ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
හජ්ජි උත්සවය යනු, ඉබ්‍රාහිම් නබිතුමන් තුළ පැවති අසීමිත දේව භක්තිය සහ උතුම් පරිත්‍යාගශීලීත්වය සිහිපත් කෙරෙන ගැඹුරු ආගමික අරුතක් සහිත දිනයකි. තමන් සතු වටිනාම දෑ පවා මානව වර්ගයාගේ යහපත සහ දේව කැමැත්ත උදෙසා කැප කිරීමට ඇති සූදානම මෙම උත්සවය තුළින් ලොවට විදහා දක්වයි.
අද වැනි දිනක අප සැම අවධාරණය කරගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ, අප අතර පවතින විවිධත්වයන් අභිබවා සහෝදරත්වයෙන් සහ සාමූහිකත්වයෙන් නැගී සිටීමේ වැදගත්කමයි. බෙදාගැනීම සහ සහකම්පනය පෙරදැරි කරගත් හජ්ජි උත්සවයේ පණිවුඩය, ශක්තිමත්, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ගමනට මහඟු ආදර්ශයකි.
එබැවින්, පටු භේදයන් පසෙක ලා, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් සහ කරුණාවෙන් කටයුතු කරමින්, සාමය සහ සහජීවනය පිරි සමාජයක් නිර්මාණය කිරීමට අප සැම අදිටන් කරගත යුතුය.
හජ්ජි උත්සවය ඔබ සැමට සතුට, සාමය, සෞභාග්‍යය සහ ආශිර්වාදය උදාවන වාසනාවන්ත දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48