සාමකාමි ජන අරගලයට අදට දින 15යි

ජනාධිපතිවරයා ඇතුලු සමස්ථ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගාලු මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික මහජන අරගලයට අදට දින 15 ක් සම්පූර්ණ වනවා.

රටපුරා නගර වලට එකතු වී විරෝධතාවයේ නිරත ජනතාව පවසන්නේ ආණ්ඩුවේ පාලකයින්ට රට පාලනය කිරිමට නොහැකි බව පෙන්වා ඇති හෙයින් පාලන බලය වෙනත් සුදුසු පිරිසකට භාර දි වහාම පාලනයෙන් ඉවත් වන ලෙසයි.

ඇදහැලෙන මහවැසිද නොතක ජනතාව අඛණ්ඩව එහි විරෝධතාවයේ යෙදෙන අකාරය බොහෝ මාධ්‍යන් විසින් වාර්ථා කර තිබුනා.

මේ අතර ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවට සහය පළකරන පුවරු ප්‍රදර්ශණය කරමින් සහ සටන් පාඨ කියමින් පැමිණි කුඩා කණ්ඩායමක්ද අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දැකගත හැකිවුණා.කෙසේවෙතත් ආණ්ඩුවට විරෝධය පළ කරමින් උද්ඝෝශණයේ යෙදුණ තරුණ පිරිස එම අවස්ථාවේ කිසිදු කලබලයකින් තොරව සිය විරෝධතාව පවත්වාගෙන ගිය බවයි අපට දක්නට ලැබුනේ.

May be an image of one or more people, outdoors and crowd


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28