සාජා නුවර දී දිවි අහිමි වූ සඳමාලිගේ දේහය දිවයිනට රැගෙන එයි (ඡායාරූප)

වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී, විදුලි සැර වැදී මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

කළුතර, මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ අවිවාහක තරුණියකි.

ඇය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සිටි ශිෂ්‍යයාවකි.

ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජ්හී සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11ක කාලයක් සේවය කරමින් සිටියා.

ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳසැළ වෙත යාමට පැමිණ තිබුණා.

ඒ වනවිට වසර ගණනාවකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව නිසා සාජා නුවර ද ගංවතුර ආපදා තත්ත්වයක් ඇති වී තිබුණි.

ඇය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර, මෙම ගංවතුර තත්ත්වයත් සමඟ මෙම විදුලි පද්ධතිය කාන්දු වීමට පටන් ගෙන තිබෙනවා.

මේ බැව් නොදත් ජයමිණි සදමාලි විජේසිංහ ද මෙම ගංවතුරට බසිත්ම, විදුලි සැර වැදීමට ලක් වී තිබුණා.

ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට, බංගලදේශ ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.

ජයමිණිට විදුලි සැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ, එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටූවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ජයමිණි සදමාලි විජේසිංහගේ දේහය භාර ගැනීම සඳහා ඇගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සඳමාලි සේවය කළ ආයතනය විසින් ඩිරාම් 4,000ක මුදලක් මෙරටට එවා ඇතැයි ද ඇගේ සහෝදරයා කියා සිටියා.

කෙසේවෙතත් එරටින් සිදුකළ සඳමාලිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන් පිළිනොගන්නා අතර, අලුත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ මෙහෙයවීමෙන් දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.

සඳමාලිගේ අවසන් කටයුතු හෙට (04) දින මතුගම පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

image 3
image 3
image 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31