spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්විස් බැංකු ගිණුම් 18,000ක් ගැන හෙළිදරව්වක්

ඩොලර් බිලියන 100ක පමණ වත්කම් සහිත ස්විස් බැංකු 18,000ක පමණ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබේ.

ස්විස්ටර්ලන්තයේ Credit Suisse බැංකුවෙන් එම රහස්‍ය තොරතුරු යම් පුද්ගලයෙක් විසින් පිටකර ඇති බව සඳහන් වන්නේ.

එම ගිණුම් හිමියන් අතර නමගිය අපරාධකරුවන්, මානව හිමිකම් කැඩූ පුද්ගලයින් සහ විවිධ තහනම්වලට ලක්වූ ව්‍යාපාරිකයින්ද අයත් බව වාර්තා වෙයි.

රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් ගේ නම් ද එහි සඳහන් ය.

එම තොරතුරු ලොව දැඩි අවධානයට ලක්වූ “පැනමා පේපර්ස්” සිද්ධිය හා සමාන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ.

1940ත් 2010ත් අතර කාලය තුළ තිබූ ගිණුම් සම්බන්ධයෙන් එම තොරතුරු වල සටහන්ව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

“Organized Crime and Corruption Reporting Project” සහ පුවත්පත් ආයතන 46ක් එකතුව සිදුකළ ගවේෂණයකින් එම කරුණු අනාවරණය වී තිබේ.

එසේ තොරතුරු හෙළිදරව් වී ඇති සමහර ගිණුම් මේ වනවිට අක්‍රිය බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?