ස්විස් බැංකුවල ඇති චීන රහස් ගිණුම් වෙත සම්බාධක පැනවීමේ අවදානමක්

ස්විස් බැංකුවල ඇති චීන ධනය පිළිබඳ ස්විට්සර්ලන්ත රජය දැඩි අවධානයෙන් පසුවන බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඊට හේතු වී ඇත්තේ රුසියාවට ඩ්‍රෝන යානා සහ යුද උපකරණ වැනි මාරාන්තික අවි සැපයීමට චීන රජය සලකා බලමින් සිටින බවට බුද්ධි තොරතුරු ලැබී තිබීමයි.

ෆයිනෑන්ෂල් ටයිම්ස්  වාර්තා කරන පරිදි, සම්බාධක සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජයේ දැඩි ස්ථාවරය ධනවත් චීන ජාතිකයින්ට ස්විට්සර්ලන්තයේ ඇති  ඔවුන්ගේ මුදල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කර තිබෙනවා.

චීනයට එරෙහි සම්බාධක පැනවීමේ හැකියාව තවදුරටත් වර්ධනය කර තිබුණේ චීනයේ ඔත්තු බැලූන සිද්ධිය, චීනය මොස්කව් වෙත මාරාන්තික අවි සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති සැකය සහ මෑත කාලීනව චීනය සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වයන්ගේ වර්ධනයයි.

යුක්‍රේනයේ ගැටුම් උත්සන්න කිරීමට එරෙහිවය අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ද චීනයට අනතුරු ඇඟවීම් සිදුකර තිබුණා.

ඔහුගේ එම ප්‍රකාශය මඟින් පැහැදිලි වන්නේ චීනය රුසියාවට මාරාන්තික ආයුධ සැපයිය හැකි බවට වන බුද්ධි තොරතුරු ඇමරිකාව සතු බවයි.

මෙම බුද්ධි තොරතුරු තම මිත්‍ර රාජ්‍යයන් සමඟ බෙදා ගැනීමට ද අමරිකාව සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත රජය රට තුළ ඇති චීන වත්කම් ප්‍රමාණය කොතෙක් ද යන්න හෙළිකර නැහැ. 

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය වෙත 2014 දී ලැබුණු ලේඛන මගින් හෙළි වී තිබුණේ ස්විස් බැංකුවල බොහෝ චීන දේශපාලන ප්‍රභූන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන්  ගිණුම් පිහිටුවා ඇති බවයි.

ඉහළ මට්ටමේ චීන පවුල් ද ඇතුළුව, චීනයේ සහ හොංකොංහි  සිට ධනවතුන් 20,000කගේ පමණ අක්වෙරළ වත්කම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකළ ලේඛන මඟින් හෙළිදරව් වන බවයි පැවසෙන්නේ.

ස්විට්සර්ලන්තයේ බැංකු ගිණුම් ඇති ධනවත් චීන පුද්ගලයින් සංඛ්‍යාව එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් ධනවත් රටවල් අබිබවා ගොස් ඇති බව Credit Suisse බැංකුව විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව හෙළිව තිබෙනවා.

චීනය සහ බටහිර අතර වැඩෙමින් පවතින ආතතිය හේතුවෙන් බීජිං හි ජාත්‍යන්තර සබඳතාවලට පහරක් එල්ල වුවහොත් සිදුවිය හැකි කඩාවැටීම සඳහාද ස්විස් බැංකු සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම පුද්ගලයින් සඳහා ඉහළම ගමනාන්තයක් වී ඇති අතර බැංකුවල දැඩි රහස්‍යභාවය සහ දේශපාලන මධ්‍යස්ථභාවය සඳහා ද ස්විට්සර්ලන්තය කීර්තියක් උසුලනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53