ස්වාධීන ආයතනවලට කටයුතු කිරීමට දේශපාලන අධිකාරියෙන් ඉඩක් නැහැ – ජනක රත්නායක

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන අන්දමට තමන් කිසිඳු පක්ෂයක සාමාජිකයෙක් හෝ නියෝජිතයෙක් නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළා.

ඒ, අද (29) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍ය හමුවක දී සිදුකළ චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි දවස් 19 සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය ඉල්ලා ජල ලේකම් කාර්යාලයට ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී බලශක්ති අමාත්‍යවරයා විසින් ගෙන ඒමට සූදානම්වන චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ද,මෙහිදී ඔහු අදහස් දක්වා සිටියා.

බලශක්ති අමාත්‍යවරයාට මෙන් තමන්ට කිසිඳු චෝදනාවක් නොමැති බවයි සභාපති ජනක රත්නායක එහිදී සඳහන් කර සිටියේ.

මේ අතර ස්වාධීන ආයතනවලට කයුතු කිරීමට දේශපාලන අධිකාරිය විසින් ඉඩ ලබා නොදෙන බවට ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා චෝදනා කර සිටියා.

ඔහු මෙම අදහස් පළකලේ අද (29) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුකළ හොත් නීතිමය කටයුතු ගැනීමට සූදානම් බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14