spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්වාධීන ආයතනවලට කටයුතු කිරීමට දේශපාලන අධිකාරියෙන් ඉඩක් නැහැ – ජනක රත්නායක

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන අන්දමට තමන් කිසිඳු පක්ෂයක සාමාජිකයෙක් හෝ නියෝජිතයෙක් නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළා.

ඒ, අද (29) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍ය හමුවක දී සිදුකළ චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි දවස් 19 සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය ඉල්ලා ජල ලේකම් කාර්යාලයට ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී බලශක්ති අමාත්‍යවරයා විසින් ගෙන ඒමට සූදානම්වන චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ද,මෙහිදී ඔහු අදහස් දක්වා සිටියා.

බලශක්ති අමාත්‍යවරයාට මෙන් තමන්ට කිසිඳු චෝදනාවක් නොමැති බවයි සභාපති ජනක රත්නායක එහිදී සඳහන් කර සිටියේ.

මේ අතර ස්වාධීන ආයතනවලට කයුතු කිරීමට දේශපාලන අධිකාරිය විසින් ඉඩ ලබා නොදෙන බවට ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා චෝදනා කර සිටියා.

ඔහු මෙම අදහස් පළකලේ අද (29) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුකළ හොත් නීතිමය කටයුතු ගැනීමට සූදානම් බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?