ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතනය ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීමේ අරමුණින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ අනුව ඔක්තෝබර් 13 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාස හයක කිල සීමාවක් සඳහා මෙම ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.

මේ අතර ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය ඉහත සඳහන් බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ග්‍රහණය කිරීම සහ සම්බන්ධ කටයුතු හැර වෙනත් කිසිදු ආකාරයක මූල්‍ය ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට එම ආයතනය වෙත අවසර දී නොමැති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

මේ නිසා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය සමඟ පවත්නා ගිවිසුම් බැඳීම්වලට අදාළ පියවීම් හැර එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ ආයතනය සමඟ වෙනත් කිසිදු ආකාරයකින් ව්‍යාපාර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29