ස්පුට්නික් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය දිවයිනට

කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.

ශ්‍රී ලංකා රජය රැසියාවෙන් ලබාගන්නා එන්නත් තොගයට පෙර සාම්පලයක් වශයෙන් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට එවා තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් එන්නත් පරිහරණය කරන ආකාරය, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, මාත්‍රා ලබාදීම යනාදී කටයුතු සිදුකිරීම අධීක්ෂණය කිරීම සඳහා මෙම සාම්පල් තොගය යොමුකර තිබේ.

මෙම එන්නත් සෙල්සියස් අංශක ඍණ -20 (-20C°) උෂ්ණත්වයක් යටතේ සැමවිටම ගබඩා කර තැබිය යුතු අතර එන්නත් කුප්පි විවෘත කර පැය 02 ක් තුළ අදාළ පුද්ගලයන් වෙත ලබා දිය යුතු වෙයි.

ශ්‍රී ලංකාව ස්පුටිනික් එන්නත් මාත්‍රා මිලියන 13ක් මිලදී ගැනිමට නියමිතය.

  1. ඔන්න පැනි සුමනෙ ගිහිල්ල එව්ව්ව ගන්න … මගෙ හිතේ නාත දෙයියො වෙන්න ඇති කියන්න ඇත්තෙ පැනිය හරියන්නෙ නෑ… වැක්සින් එක ගහන්න කියල …
    මහාචාර්ය කම පාවිච්චි කරල මිනිස්සුන්ව මුලා කරන මුන් වගේ උන් …