ස්පුට්නික් එන්නත් තොගයක් ගෙන එයි

ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ, රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් ඇත.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය