ස්පාඤ්ඤයේ ගින්නෙන් නාසා මධ්‍යස්ථානයකටත් හානි

ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ්හි ප්‍රදේශ කිහිපයක පැතිර යන ගින්නෙන් මැඩ්රිඩ්හි පිහිටි නාසා ආයතනයේ අභ්‍යවකාශ සන්නිවේදන සංකීර්ණය කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

නාසා ආයතනයට අභ්‍යවකාශ යානා සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසන ගැඹුරු අභ්‍යවකාශ ජාලයේ ස්ථාන තුනෙන් එකක් ලෙස මෙම අභ්‍යවකාශ සන්නිවේදන සංකීර්ණය සැලකෙනවා.

කෙසේ වෙතත් මේවන තෙක් එම අභ්‍යවකාශ සන්නිවේදන සංකීර්ණයට වූ හානිය ගණන් බලා නැහැ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නාසා ආයතනය සඳහන් කළේ මේ වන විට එහි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි.

මෙම අභ්‍යවකාශ සන්නිවේදන සංකීර්ණය මැඩ්රිඩ් සිට කිලෝමීටර් 65ක් පමණ බටහිරින් පිහිටි රොබ්ලෙඩෝ ඩි චවේලා හි පිහිටා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48