ස්ථාන 69ක් පසුකර තුන්වැනියා වුණු වර්මා – ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙ ස්ථානත් උඩ යට යයි

ICC නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක්දින පිටියේ හොඳම පන්දු යවන්නන් හා පිතිකරුවන්, T20 පිටියේ හොඳම පන්දු යවන්නන් හා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.

එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ස්ථාන 06කින් ඉහළට පැමිණ තිබෙනවා.

ඊයේ (19) දිනයේ දී සිදු කර ඇති මෙම නවතම යාවත්කාලීන කිරීම් අනුව තීක්ෂණට මේ වනවිට (20) හිමිව ඇත්තේ සයවැනි ස්ථානයයි.

වනිඳු හසරංග එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 02කින් පහතට බැස ඇත්තේ සිය ස්ථානය 20 බවට පත් කරගනිමින්.

එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හී තීක්ෂණට ඉහළ අසුනක් හිමි වුණ ද, පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ඔහු ස්ථානයකින් පහතට වැටී තිබෙනවා.

ඒ සිය ස්ථානය 05 වැනි තැන බවට පත් කරගනිමින්.

එමෙන්ම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා එක්දින හා T20 නායක චරිත් අසලංක ස්ථාන 02කින් පහතට බැස ඇත්තේ සිය නවතම ස්ථානය 11 බවට පරිවර්තනය කරගනිමින්.

මෙවර නව සංශෝධනයට අනුව පන්දුවාර 20 ක්‍රිකට් රටාව තුළ හොඳම පන්දු යවන්නන් දසදෙනා අතරින් සිය ස්ථානය ස්ථාන 05කින් ඉහළ නංවා ගනිමින් තුන්වැනි තැනට පත් වීමට ඔස්ට්‍රෙලියානු දඟ පන්දු ක්‍රීඩක ඇඩම් සම්පා සමත් ව සිටිනවා.

T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි තවමත් මුදුනා වී සිටින්නේ එංගලන්තයේ දඟ පන්දු ක්‍රීඩක අදිල් රෂීඩ් වන අතර හොඳම එක්දින පන්දු යවන්නා බවට පාකිස්තානයේ ශහීඩ් ෂා අෆ්‍රිඩි පැමිණ තිබෙනවා.

මේ අතර T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලින් කුසල් මෙන්ඩිස් ස්ථාන 03කින් ඉහළට පැමිණ ඇත්තේ නවතම ස්ථානය 12 බවට පත් කරගනිමින්.

පැතුම් නිස්සංක එක් ස්ථානයකින් පහත බැස ඇත්තේ T20 පිතිකරණයේ 09 වැනියා බවට පත්වෙමින්.

මෙම ලැයිස්තුවේ ඇති විශේෂත්වය වන්නේ ස්ථාන 69කින් තම T20 පිතිකරණය; ප්‍රවේගකාරී ඉනිමක් බවට ඔප්පු කළ ඉන්දීය ක්‍රීඩක තිලක් වර්මාගේ පැමිණීමයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති T20 තරගාවලියේ විශිෂ්ට ශතක වාර්තා කළ වර්මා ස්ථාන 69ක් පසුකරමින් ජාත්‍යන්තර T20 පිටියේ වේගවත්ම මෙන්ම හොඳම පිතිකරුවන් අතර තුන්වැනියා බවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30