ස්ථානාධිපති වර්ජනයෙන් දුම්රිය සේවාවන් තවදුරටත් අඩාලයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා දුම්රිය සේවාවන් තවදුරටත් අඩාල වී තිබෙනවා.

මෙවන් තත්ත්වයයක අද (17) දිනය තුළ දී දුම්රිය 80ත් 100ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට සැලසුම්කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර සඳහන් කළේ.

බඳවා ගැනීම් සහ උසස්වීම් සම්බන්ධ දිගුකාලීන ගැටළු සඳහා විසඳුම් ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළා.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ වැඩ වර්ජනය අසාධාරණ බවත් එය මහජනතාවට දුෂ්කරතා ඇති කර ඇති බවයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අවධාරණය කළේ මෙම වැඩ වර්ජනය දුම්රිය සේවාවන්ට බලපාන නොවිසඳුනු ගැටළු සඳහා ප්‍රතිචාරයක් බවයි.

එම ගැටළු සඳහා විසඳුම් ලබා නොදුනහොත් ලබන සතියේ අඛණ්ඩ වර්ජනයකට යෑමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14