ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුතා හිරේට

ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේහි ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මැරිට්ගේ පුත්‍රයා වන 29 හැවිරිදි මාරියස් බෝර්ග් හොයිබි හට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

නඩු විභාගයේ විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වන විනිසුරු ජෝන් ස්වර්ඩ්‍රප් එෆ්ජෙස්ටාඩ්, තීන්දුව පැහැදිලි කරමින් පිටු 128 කින් යුත් තීන්දුවකට යාමට පෙර අද (15) පෙරවරුවේ සැසිය ආරම්භ කළේ ඔවුන්ගේ නිගමනවල සාරාංශයක් සමඟින්.

මෙහිදී හොයිබි ඔහුට එල්ල වී තිබූ දූෂණ චෝදනා හතරම ප්‍රතික්ෂේප කර තිබුණද, විනිසුරුවන් ඔහුට කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබුවා.

ඉන් එකක් 2018 දී ස්කොගම් හි ඔටුන්න හිමි කුමරුගේ වතුයායේ සහ තවත් එකක් 2024 දී ඔස්ලෝ හි කාන්තාවක් සම්බන්ධ දූෂණ චෝදනාවක්.

මේ අතර ඔහු ඔස්ලෝ හි හෝටලයකදී මුණගැසුණු කාන්තාවක් දූෂණය කළ බවට සහ 2023 දී ලොෆොටන් දූපත් වල නිවාඩුවක් ගත කරමින් සිටියදී ඔහු මුණගැසුණු කාන්තාවක් දූෂණය කළ බවට එල්ල වී තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27