spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සලිඳුගේ බැංකු ගිණුම් 48ක කුඩු සල්ලි කෝටි 106ක්

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුරේ සලිඳු හෙවත් කුඩු සලිඳු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 48ක් ඇති බවත් වසර තුනක් තුළ රුපියල් කෝටි 106ක් එම ගිණුම්වල සංසරණය වී ඇතිබවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසනවා.

තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේ, මොහු සතුව සුඛෝපබෝගී වාහන 79ක් තිබෙන බවත් ඒවායේ අංක තහඩු වෙනස්කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇති බවයි.

තවද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන ජාවාරම්කරුවන් 4500කගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කර මේ වන විට ඒ ඒ අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත බාර දී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?