spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහෝදරියන් දෙදෙනෙකු ගින්නට හසුවී මියයයි

කයිට්ස් ශාන්ත මේරි මාවත ප්‍රදේශයේ නිවසක් පිටුපස ගිනි ගැනීමක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

කයිට්ස් පොලිසියට ඊයේ ලැබුණු තොරතුරකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කෙරුණේ.

මියගොස් ඇත්තේ අවුරුදු 72 සහ 74 වයස්වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක්.

මෙම කාන්තාවන් දෙදෙනා නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර එක් කාන්තාවක් විවාහ වී ඇති අතර ඇයගේ සැමියා සහ පුත්‍රයා ද මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඒ හේතුවෙන් ඇය තම අවිවිහක සහෝදරිය සමග අදාළ නිවසේ ජීවත්ව සිට තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ කරගෙන නොමැති අතර මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේයි තැන්පත් කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?