spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහෝදරියගේ නිවසේ සහෝදරයා කසිප්පු පෙරළා

නිවසක නාන කාමරයක සහ නිදන කාමරයක නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකරුවන් දොඩංගොඩ, පැපිලියාවත්ත සහ පයාගල, පොතුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරුගේ සොහොයුරියකට අයත් නිවසක ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් මිලිලීටර් 37,500ක් සහ ගෝඩා මිලිලීටර් 545,000ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන් මතුගම , දොඩංගොඩ, යටදොලවත්ත සහ පයාගල ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදාහැර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?