සහෝදරියගේ නිවසේ සහෝදරයා කසිප්පු පෙරළා

නිවසක නාන කාමරයක සහ නිදන කාමරයක නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකරුවන් දොඩංගොඩ, පැපිලියාවත්ත සහ පයාගල, පොතුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරුගේ සොහොයුරියකට අයත් නිවසක ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් මිලිලීටර් 37,500ක් සහ ගෝඩා මිලිලීටර් 545,000ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන් මතුගම , දොඩංගොඩ, යටදොලවත්ත සහ පයාගල ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදාහැර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22