සහෝදරයා පොල්ලකින් පහර දී සහෝදරයාව මරලා

මත්පැන් සාදයක් අවසානයේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයෙක් විසින් තම සහෝදරයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් සාලියවැව, පළුගස්සේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (15) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සහ ඊට සහාය දුන් ඥාතියෙක් සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ උදිත රාජපක්ෂ නැමති වයස අවුරුදු 35ක තිදරු පියෙක්.

ඝාතනය සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා මත්පැන් පානය කිරීමෙන් පසු දුරකථනය අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා එක්ව මෙම ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලා ගොස් අසල්වැසි ගමක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19