spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් සහ වී සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී භාවිත කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (24) නිකුත් කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනයට අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී සෘජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හෝ මිලදී ගැනීම සිදුකළ නොහැකියි.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(b)(ii) වගන්තියට අනුව නිකුත් කර ඇති මෙම නියෝගය (ජුනි 24) දින සිට ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?