සහල් සහ වැලි ප්‍රවාහන රථ දෙකක් ගැටී 3ක් රෝහලේ (වීඩියෝ)

පොළොන්නරුව අරලගංවිල මාර්ගයේ මනම්පිටිය 1 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ සහල් ප්‍රවාහනය කළ ලොරියක් ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලබා ඇත්තේ ලොරියේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනා මෙන්ම රිය සහායකයෙක්.

වාහන දෙක තුළ සිරවී සිටි රියදුරන් දෙදෙනා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් යුද හමුදාව සහ පොලිසිය විශාල පරිශ්‍රමයක් දැරූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තුවාලකරුවන් මනම්පිටිය රේාහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එක් රියදුරෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14