සහල් මිල යළි ඉහළට

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ කීරි සම්බා වෙළෙඳ පොළට නොලැබෙන බව තොග වෙළෙන්දෝ පවසති.

සහල් පාලන මිල ඉවත් කිරීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 115කටද, සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 140කටද, කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 165කටද දිවයින පුරා බෙදා හරින බවයි.

එහෙත් ඊයේ(15) පස්වරුව වන විට වෙළෙඳ පොළේ නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 දක්වාද සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 145 දක්වාද, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 175 දක්වාද මිල ඉහළ ගොස් ඇති බව අනාවරණය විය. ඊට සාපේක්ෂව වී මිල ද ඉහළ ගොස් ඇත. නාඩු වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 71 දක්වාද, සම්බා වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 77 දක්වාද, කිරි සම්බා වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 96 දක්වාද වැඩි වී ඇත.

මහා පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන සහල් අඩු මිලට විකිණීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ සැප්තැම්බර් මස 28 වැනිදාය. එහෙත් සති දෙකක් තුළ සහල් හා වී මිල ඉහළ ගොස් ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සභාපති මුදිත පෙරේරා පෙන්වා දෙයි.

මේ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියද පාරිභෝගිකයන්ගෙන් ලද තොරතුරු මත සොයා බැලීමක් සිදු කර තිබේ. එහිදීද අනාවරණය වී ඇත්තේ සහල් මිල ක්‍රම ක්‍රමයෙන් යළි වැඩි වන බවයි. සහල් මිල වැඩි වීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් කිලෝ ග්‍රෑම් හයදහසක් සිකුරාදා (15 වැනිදා) සිට ස.තො.ස. මගින් අලෙවි කිරීම ආරම්භ විය.

මෙම සහල් තොගය සත විසි පහක බදු මුදලක් මත ලබා ගෙන රුපියල් 98 බැගින් පාරිභෝගිකයාට අලෙවි කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙලෙස වරින් වර ඉන්දියාවෙන් හා බුරුමයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55