සහල් පාලන මිලේ කිසිදු වෙනසක් නෑ – මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයින් කැඳවා ජනපති දන්වයි

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළා.

වර්තමානයේ පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණා.

පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත්, ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදුකිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ සඳහන් කළා.

ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද කියා සිටියා.

අතර මැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වූ අතර, එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතා මඟහැර ගැනීම සඳහා යෙදවුම් මිල අඩුකිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුනතිලක, මේනක ගම්ලත් යන අය ඇතුළු ව්‍යාපාරිකයින් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
9
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17