spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් ආනයනය නතර කිරීම ගැන සොයන්න කමිටුවක්

සහල් ආනයන කිරීම තාවකාලිකව නතර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ගෙන ආ යෝජනාව සම්බන්ධව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළකර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසිනුයි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධරීන් මෙම කමිටුවට ඇතුළත්.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදාගනිමින් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට ද තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?