සහල් ආනයනය අද මැදියම් රැයෙන් නවතියි

සහල් ආනයනයට දී තිබූ කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම අද (10) මධ්‍යම රාත්‍රියෙන් පසු මෙරටට පැමිණෙන සහල් තොග ආපසු හරවා යවන බවයි.

සහල් ආනයනය සඳහා රජය විසින් ලබා දී තිබූ අවස්ථාව උපයෝගි කර ගනිමින් සහල් මෙට්‍රික් ටොන් 125,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් රජයේ මැදිහත්වීමෙන් ආනයනය කරනු ලැබුවේ සහල් මෙට්‍රික් ටොන් 5000ක් පමණයි.

රට තුළ ඇතිව තිබූ සහ හිඟය සහ මිල ඉහළ යෑමට පිළියමක් ලෙස සහල් ආයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙනු ලැබුවා.

ඒ, සඳහා 2024 දෙසැම්බර් මස 02 වනදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වූ අතර, ඒ අනුව ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව පසුගිය දෙසැම්බර් 20 වනදා දක්වා සහල් ආනයනය සඳහා අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත් එම අවසරය අද (10) දිනය දක්වා දීර්ඝ කිරීමටයි පසුව රජය තීරණය කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33