සහල් ආනයනයට දුන් කාලය දිගුවෙයි

එළඹෙන 10 වනදා දක්වා සහල් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය 20 වනදායින් අවසන් වූ සහල් ආනයන අවසරය ලබන ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමටයි ඊයේ (23) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත්තේ.

ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වුණේ.

රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනයට ලබා දී තිබූ අවසරයට අනුව පසුගිය 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර තිබුණා.

එලෙස ආනයනක කළ සහල් තොගයට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28,500ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38,500ක් ඇතුළත් බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.

සහන ආනයනය අවසාන ලබාදීමත් සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 4.3ක අදායමක් උපයාගෙන තිබුණා.

වෙළඳපොළේ නඩු, කැකුළු ඇතුළු සහල් වර්ග කිහිපයක පැවති හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33