සහන දෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙයි බැසිල් කියයි

භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි අද මාධ්‍යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ප්‍රශ්නය – ඇමතිතුමා මංගල අයවැය ගැන වචන කිහිපයක් කියන්න ?

“ඒක රහසක් නේ.”

ප්‍රශ්නය – ජනතාවට මොනවා ද ලැබෙන්නේ ?

“ජනතාවට ලැබෙනවා නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි”

මේ අතර, රට තුළ පවතින සිමෙන්ති හිඟය මේ වන විට තවදුරටත් උග්‍රවෙමින් තිබේ.

කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950 ක් 1000 ක් වැනි මිලට පැවති අතර පසුගිය ඔක්තෝබර් 11 වැනිදා එම කොට්ටයක මිල රුපියල් 1,098 දක්වා ඉහළ නැංවුණි.

නමුත් අදත් බොහෝ  ප්‍රෙද්ශවලින් සිමෙන්ති හිඟයක් වාර්තා  වේ.

මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පිරිස් මෙන්ම සිමෙන්ති ගල්, මල් පෝච්චි, උද්‍යාන අලංකරණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්ද අසීරුතා රැසකට මුහුණ පා සිටී.

“අපිටත් වැඩ නෑ. සිමෙන්ති නැති නිසා. අපි අනාථවෙලා ඉන්නේ.”

“වැඩ ඔක්කෝම නවත්තලා තියෙන්නේ මහත්තයෝ වැඩ කරන්න විදියක් නෑ ඔක්කෝම අනාථයි.”

කොළඹ නගරයේ මහාපරිමාණ වැඩබිම්වලද වැඩකටයුතු සිමෙන්ති නොමැතිවීම නිසා නතර වී ඇති අයුරු දක්නට ලැබුණි.

වෙළෙඳුන් පවසන්නේ සිමෙන්ති නියෝජිතයින් වෙළෙඳසැල් වෙත සිමෙන්ති ලබා නොදී ඒවා වැඩි මිලට අලෙවි කරන බවය.

“සමහර ප්‍රදේශවල සමහර හාඩ්වෙයාර්වල සිමෙන්ති තියෙනවා. ඒවා විකුණන්නේ ඉතා වැඩිමිලකට. අපිට පේන විදියට නම් වෙළෙඳපොළේ හිඟයක් මවලා දාලා තියෙනවා වගේ තමයි අපිට පේන්නේ.”

මේ අතර සිමෙන්ති අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් කුලියාපිටියේදී උද්ඝෝෂණයක්ද පැවැත්වුණි.

එමෙන් ම දිස්ත්‍රික්ක කිහිපයකින් අද (01) ලිට්‍රෝ ගෑස් හිඟයක්ද වාර්තා වුණි.

බොහෝ ගෑස් අලෙවි සැල් වසා දමා ඇති ආකාරයද දක්නට ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28