සහනාධාර දෙන්න ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී යි මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ.

ජුලි මස පළමුවැනිදා සිට රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අස්වැසුම යෝජනා ක්‍රමය පිළිබඳව අදාළ නිලධාරීන් කාරක සභාව දැනුවත් කරනු ලැබුවා.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා මෙම යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන බවයි නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ.

මෙම දීමනාව ලබා ගැනීම සඳහා අයැදුම්පත් ලක්ෂ 37කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවත් සැබෑ අවශ්‍යතා ඇති පිරිසට මෙම දීමනාව ජූලි මස පළමු දින සිට ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය වුණා. සමෘද්ධි දීමනාව ලබන්නන්ගෙන් සියයට 30ක් ඒ සඳහා සුදුසුකම් නොලබන බව ලෝක බැංකුව පෙන්වා දී ඇති බවත් එය සැලකිල්ලට ගෙන මෙම යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගත යුතු බවත් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා.

අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් වරින් වර ඇගයීමට ලක් කිරීමේ අවශ්‍යතාවය ද කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

මේ අතර පසුගිය සතියේ පැවති මෙම කාරක සභා රැස්වීමකදී නියෝග කළ පරිදි රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය විසින් අදාළ වාර්තා නියමිත දිනට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළා.

පාර්ලිමේන්තුවේ කාරක සභාවක් මගින් වාර්තා සහ අදහස් කැඳවන විට නියමිත කාල සීමාව තුළ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39