සහතික මිලට සතොසට ගෙනා සහල් කන්ටේනරයට ගුල්ලන් විදියි

සහතික මිලට ජනතාවට සහල් ලබාදීම සඳහා වන රජයේ වැඩපිළිවෙල යටතේ එරාවුර් ප්‍රදේශයෙන් වැලිසර සතොස සහල් ගබඩාවට ගෙනා නාඩු සහල් කිලෝග්‍රෑම් 20,000ක් ගුල්ලන් ගසා තිබීම හේතුවෙන් ඉවත් කර තිබේ.

සතොස ගබඩාව වෙත පැමිණ ඇති එම කන්ටේනර් රථය තත්ත්ව පරීක්ෂාවට ලක්කිරීමේ දී අද (29) උදෑසන 9ට පමණ හාල්වල ගුල්ලන් සිටිනු දැක ගත හැකිව තිබිණ.

අනතුරුව එම කන්ටේනරය ඉවත් කළ බවත් එම සහල් අයිතිකරු විසින් තවත් කන්ටේනර් රථ 3ක් එවා තිබු බවත් වාර්තාකරු සඳහන් කරයි.

පසුව ගබඩා සංකීර්ණයට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද අද දහවල් පැමිණ ඇත.

එහිදී එය වාර්තා කිරීමට ගිය වාර්තාකරුවන් ට ගුල්ලන් සහිත හාල් පරීක්ෂාවට ලක්කරන ආකාරය දැකගැනීමට හැකිවිය.

එහි දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දක්වා ඇත,

“ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා අන්තර්ජාතික තරඟකාරී ටෙන්ඩරයක් සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන මිල විමසලා. ඊට අතිරේකව කෘෂිකර්ම ඇමති තුමා පවතින සහතික මිලට රු 50 මිලට, රු 52ට වී මිල දී ගැනීම ආරම්භ කරලා තියෙනවා දැන් වී කැපෙන එකෙන්.”

ප්‍රශ්නය – මෙහෙට ගෙනාපු හාල් කිලෝ 20,000ක ගුල්ලෝ හිටියා ඒවට මොකද වෙන්නේ?

“ඕන භාණ්ඩයක් ප්‍රමිතියට අඩු ඒවා ආවොත් ඒවා යවනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05