spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහතික මිලට සතොසට ගෙනා සහල් කන්ටේනරයට ගුල්ලන් විදියි

සහතික මිලට ජනතාවට සහල් ලබාදීම සඳහා වන රජයේ වැඩපිළිවෙල යටතේ එරාවුර් ප්‍රදේශයෙන් වැලිසර සතොස සහල් ගබඩාවට ගෙනා නාඩු සහල් කිලෝග්‍රෑම් 20,000ක් ගුල්ලන් ගසා තිබීම හේතුවෙන් ඉවත් කර තිබේ.

සතොස ගබඩාව වෙත පැමිණ ඇති එම කන්ටේනර් රථය තත්ත්ව පරීක්ෂාවට ලක්කිරීමේ දී අද (29) උදෑසන 9ට පමණ හාල්වල ගුල්ලන් සිටිනු දැක ගත හැකිව තිබිණ.

අනතුරුව එම කන්ටේනරය ඉවත් කළ බවත් එම සහල් අයිතිකරු විසින් තවත් කන්ටේනර් රථ 3ක් එවා තිබු බවත් වාර්තාකරු සඳහන් කරයි.

පසුව ගබඩා සංකීර්ණයට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද අද දහවල් පැමිණ ඇත.

එහිදී එය වාර්තා කිරීමට ගිය වාර්තාකරුවන් ට ගුල්ලන් සහිත හාල් පරීක්ෂාවට ලක්කරන ආකාරය දැකගැනීමට හැකිවිය.

එහි දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දක්වා ඇත,

“ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා අන්තර්ජාතික තරඟකාරී ටෙන්ඩරයක් සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන මිල විමසලා. ඊට අතිරේකව කෘෂිකර්ම ඇමති තුමා පවතින සහතික මිලට රු 50 මිලට, රු 52ට වී මිල දී ගැනීම ආරම්භ කරලා තියෙනවා දැන් වී කැපෙන එකෙන්.”

ප්‍රශ්නය – මෙහෙට ගෙනාපු හාල් කිලෝ 20,000ක ගුල්ලෝ හිටියා ඒවට මොකද වෙන්නේ?

“ඕන භාණ්ඩයක් ප්‍රමිතියට අඩු ඒවා ආවොත් ඒවා යවනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?