සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම් ගැන නඩුවේ තීන්දුව කල්යයි

2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ අනුව එම උසස් කිරීම් බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙක් විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තැබුවා.

ඒ මෙම පෙත්සම් අද (18) අගවිනිසුරු වූ ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

පෙත්සම්කාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු කියා සිටින්නේ 2019 වසරේ පැවති සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා වූ පරීක්ෂණයට තමන් ද සහභාගි වූ බවයි.

එහිදී අපේක්ෂකයින්ට ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ පටිපාටිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඔවුහු චෝදනා කර සිටිති.

එම පරීක්ෂණවලින් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 232 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කෙරුණු බවත් ඔවුහු පෙන්වා දුන්නා.

එම උසස් කිරීම් සියල්ල නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28