සවලෙන් ගසා මිතුරා මැරූ පුද්ගලයා අත්අඩංගුවට

සවලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුද්ගලයෙකු අද (10) අලුයම අත්අඩංගුවට ගත් බව වවුනියාව – ඊච්චන්කුලම පොලිසිය සඳහන් කරනවා.

මිතුරන් දෙදෙනෙකු පැවැත් වූ මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයා මෙලෙස ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වවුනියාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වවුනියාව, කල්මඩු, ඊශ්වරිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්.

අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිට ඇති අතර, අද (10) අලුයම මෙම සැකකරු පොලිසියට පැමිණ සිදුකළ අපරාධය පාපොච්චාරණය කර භාර වී තිබෙනවා.

එලෙස භාරවීමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33