සලේ වෙනුවෙන් විශේෂ සිරකුටියක් හෝ කිසිදු විශේෂ පහසුකමක් නෑ – රෝහල තුළ අවශ්‍ය ආරක්ෂාව දීලා තියෙන්නේ

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට ජාතික රෝහල තුළ දී අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බවට ආරක්ෂක අංශ ප්‍රකාශ කළ බව
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ රඳවා තබා ඇති පරිසරය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සුරේෂ් සලේ වෙනුවෙන් කිසිදු විශේෂ සිරකුටියක් හෝ විශේෂ පහසුකම් සලසා නොමැති බවයි.

මීට පෙර පැවැති ආණ්ඩුවල රැඳවුම් නියෝග මත පුද්ගලයන් රඳවා තැබූ සාමාන්‍ය ක්‍රමවේදයම ඔහු වෙනුවෙන් ද ක්‍රියාත්මක බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසුවේ .

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා, සුරේෂ් සලේට කළ හැකි නිවැරදිම දෙය වන්නේ තමන් සතු සියලු තොරතුරු හෙළිකරමින් විමර්ශනවලට සහායවීම බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
හිටපු බුද්ධි නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු ලෙස ඔහු දන්නා තොරතුරු සඟවාගෙන සිටීමෙන් කිසිදු පලක් නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“බුද්ධි නිලධාරියෙක් හැටියට හා හමුදා නිලධාරියෙකු හැටියට සුරේෂ් සලේ මහතාට කළ හැකි හොඳම දේ තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දන්නා දේවල් ප්‍රකාශයට පත්කිරීම. ආරක්ෂක අංශවලට සහාය ලබාදීම. එහෙම නැතුව අපරාධ පරීක්ෂකයා මාරු කිරීම සඳහා අරගල කිරීම නොවෙයි. තමන්ගේ ලැප් එකේ හෝ ෆෝන් එකේ හෝ තිබෙන තොරතුරු ලබාදෙන්න. ඒක හංගන් හිටියට තේරුමක් නෑ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20