spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සල්ලි මවන ඉන්ද්‍රජාලික පූජකයා ජනපති හමුවෙයි….

ලොව පුරාම අතිශයින් ජනප්‍රිය ඉවන්ජලික් දේවගැතිවරයෙක් වන වන ඌබර්ට් ඒන්ජල් ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.මෙම දේවගැතිවරයා ලෝකයේම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මුදල් මැවීමේ ඉන්ද්‍රජාලික හැකියාවන් නිසයි.

ඔහු සිය මුහුනුපොතේ සටහනක් තබමින් කියා සිටියේ , සිම්බාබ්වේ ජනාධිපතිවරයා විසින් පවරන ලද විශේෂ රාජකාරියක් වෙනුවෙන් තමන් ශ්‍රී ලංකාවට පැමිනි බවයි.

සිම්බාබ්වේ සහ බ්‍රිතාන්‍ය මිශ්‍ර සම්භවයක් සහිත ඌබට් ඒන්ජල් විසින් ලෝකය පුරා දේව මෙහෙය සංවිධානය කරන අතර ඔහු ලෝකයේ ධනවත් පුද්ගයකු මෙන්ම එවැන්ජලික් පූජකයනි අතර ඉහලින්ම සිටින ධනවතෙක් ලෙස සැලකෙයි.

ඔහු විසින් මුදල් මැවීමත් නපුරු පුද්ගලයන්ගේ මුදල් ආපසු ගැනීමත් පිළිබඳව ග්‍රන්ථයක් පවා රචනා කර ඇත.

ඌබර්ට් ඒන්ජල් මීට පෙර ශ්‍රි ලංකාවට පැමිණ මුදල් මැවීමේ දේව මෙහෙයක් සිදු කර තිබෙනවා. නමුත් එම දේව මෙහෙය අතරතුර දී ඔහු කර ඇත්තේ සම්පූර්ණ මවා පෑමක් බව ඊට සහභාගී වූවන් සමාජ මාධ්‍ය තුළ සටහන් කර තිබුනා.

ඔහු සිය මුදල් ලබා දීමේ දේව මෙහෙයට පෙර පුද්ගලයන් කිහිප දෙනකු තෝරා ගෙන ඔවුන්ගේ ගිණුම් විස්තර සිය කණ්ඩායම ලවා ලබාගෙන දේව මෙහෙය අවසානය වනවිට ඔවුන්ගේ ගිණුම්වලට සුළු මුදල් ප්‍රමාණයක් එකතු කර ඇති බවයි ඔවුන් පවසා සිටියේ.

ඌබර්ට් ඒන්ජල් සිම්බාබ්වේ රාජ්‍යයේ වරප්‍රසාද අඩු පුද්ගලයන්ට නව ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා මෙන්ම පහසුකම් අඩු දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ඔහුගේ ධනයෙන් වැඩි කොටසක් වියදම් කරන බව විදෙස් මාධ්‍ය කියා සිටිනවා.

image 1
image 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?