සල්ලි ඟගක් පැතුවට කවදාවත් ඔයා සල්ලි ඟගක් දැකලා නැ නේද? මේ ඇත්තම සල්ලි ඟගක්

වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න සෙවීමට ඕස්ට්‍රියා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ බව විදෙස් වාර්තා පවසයි..

එකක් පසු පස එකක් මේ මුදල් නෝට්ටු ගංඟා ජලය මත පාවී ආවේය.

එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ පාවෙමින් තිබියදි සොයාගත් නෝට්ටුවල වටිනාකම යුරෝ 100,000 රුපියල් 15,200,000.00) බවයි.
එරට පොලිසිය පැවසුවේ නෝට්ටු සොයා ගත් ප්‍රදේශයෙන් අපරාධයක් වාර්තා වී නොමැති බවයි. මෙම මුදල්වල මූලාරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නොමැති බව ද පොලිසිය කියයි.

ඕස්ට්‍රියා වාර්තා පෙන්වා දෙන්නේ යුරෝ 500 සහ 100 නෝට්ටු ව්‍යාජ ඒවායැයි බලධාරින් මුලින් විශ්වාස කලත් දැන් ඒවා නියම මුදල් නෝට්ටු බව තහවුරු කරගෙන ඇත.

පිරිමි ළමයෙක් ගඟ දෙස බලාගෙන සිටිමින් සිය දිවි හානිකර ගැනිමට තැත් කරන්නේ යැයි සැක සිතී ,ඒ බව වාර්තා කර තිබුනේ මෙම ගංගාව පසුකර යන පිරිස් විසිනි.

නමුත් පසුව පෙනීගොස් ඇත්තේ මෙම ළමයා ගංඟාවේ පාවි යන මුදල් නෝට්ටු එකතුකර ගැනීමට උත්සාහ කරමින් සිටි බවයි.
ඔස්ට්‍රියාවේ යම් කෙනෙක් මුදල් අහම්බෙන් සොයාගෙන පොලීසියට භාර දුනහොත් ඔහුට එම මුදල් වලින් සියයට 5 – 10 ක අයිතියක් නීත්‍යානුකූලව හිමිවෙයි.

නමුත් මෙම මුදල් වල අයිතිකරු වසරක කාලයකදී හමුනොවුනහොත් මුදල සියල්ල මෙම ළමයාට භාරදීමට නියමිත බව ඔස්ට්‍රියාව ප්‍රකාශ කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14