සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ඊයේ අලුයම මුම්බායි හි පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

වෙඩි තැබීම සඳහා යතුරුපදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ දර්ශන සහ ඔවුන් වෙඩි තැබීම සිදුකරන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයන් දෙදෙනා ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල කල්ලි නායකයාගේ කල්ලියට අයත් බවටයි සැක කෙරෙන්නේ.

මින් එක් සැකකරුවෙක් විශාල් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රචණ්ඩ අපරාධ රැසකට සම්බන්ධ කුප්‍රකට බිෂ්නෝයි කල්ලි සාමාජික රෝහිත් ගොඩාර සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවට ද අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු කළු පැහැති ජැකට්ටුවක් සහ ඩෙනිම් කලිසමක් සමඟ සුදු ටී ෂර්ට් එකක් පැළඳ සිටි අතර, අනෙක් පුද්ගලයා ඩෙනිම් කලිසමක් සහ රතු ටී ෂර්ට් එකකින් සැරසී සිටන බව CCTV දර්ශනවල දැක්වෙනවා.

ප්‍රහාරයට පෙර මොවුන් දෙදෙනා සල්මන් ඛාන්ගේ නිවස වන Galaxy Apartments අවට ඔත්තු බැලීම සිදුකර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

බන්ඩ්‍රා හි මවුන්ට් මේරි පල්ලිය අසල දී සොරකම් කරන ලද යතුරුපැදියක් ඔවුන් මෙම වෙඩි තැබීම සඳහා පැමිණ ඇති අතර, වෙඩි තැබීම සිදුකර පලායන අතර තුර යතුරුපැදිය අතහැර දමා සැකකරුවන් දෙදෙනා රික්ෂෝ රථයකින් බන්ද්‍රා දුම්රිය ස්ථානයට ගොස් ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

මේ වනවිට ඔවුන් දෙදෙනාම නගරයෙන් පිටව ගොස් ඇති බව මුම්බායි පොලිසිය පවසනවා.

මුම්බායි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් අතහැර දමා ගිය යතුරුපැදිය සල්මන් ඛාන්ගේ නිවසේ සිට කිලෝමීටරයකට වඩා වැඩිදුරකින් සොයාගත් බවයි.

මේ අතර සල්මන් ඛාන්ගේ නිවසින් පිටත සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, ලෝරන්ස් බිෂ්නෝයිගේ සහෝදරයා වන අන්මෝල් බිෂ්නෝයි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් එහි වගකීම භාරගෙන ඇති අතර, එය “පෙරදසුනක්” ලෙස විස්තර කරමින් බොලිවුඩ් නළුවාට අනතුරු ඇඟවීමක් ද කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36